zeno
Create a Station
Explore
Religious
Music
News
Podcasts
Bible
By Genre
By Location
By Language
Download App
Opens in a new window
Toggle Sidebar
zeno
Danula Wickramaarachchi
Danula Wickramaarachchi
Society & Culture
Sinhala
Interviews, Discussions & Documentaries
Website
Episodes
Episodes
164
15 July 2026
නාග ලෝකය, නාගයින් සහ දුටුගැමුණු රජතුමාගේ මරණය
අපේ රටේ රජවරු ගැන කතා කරද්දි අපිට හම්බවෙන ප්‍රධානතම චරිතයක් තමයි ගැමුණු මහා රජතුමා කියන්නේ. ගැමුණු කුමාරයා ගැන, ගැමුණු රජතුමා විදිහට රජවීම ගැන, එළාර පරාජය කිරීම ගැන, ආගමික සහ ශාසනික සේවාවන් ගැන, අවසාන මොහොත ගැන අපි බොහෝ දේවල් අහලා කියවලා තිබ්බත්... ගැමුණු රජතුමා මිය ගියේ කොහොමද කියන කාරණාව ගැන බොහෝ අය දැනුවත් නෑ. ඒ නිසා අද වැඩසටහනෙන් අපි හිතුවා ඒ සම්බන්ධව තියෙන ජනප්‍රවාද කතා කිහිපයක් අරගෙන එන්න.
21 min
05 July 2026
ලංකාවේ මකර රූපවල සැඟවුණු රහස
ලංකාවේ පැරණි මකර රූප නිර්මාණය වෙලා තියෙන්නෙ සත්වයින් කිහිප දෙනෙකුගේ ශරීර අංග එකතු කරලා කියලා ඔයාලා දන්නවද? අද පොඩි කතාව ඒ ගැනයි.
4 min
07 June 2026
50 දශකයේ නැකැත්පත්රයක්
අද "එකෝමත් එක කාලෙක" වැඩසටහන වෙන් වෙන්නෙ 50 දශකයේදී නිර්මාණය වුණු විවාහ නැකැත් සීට්ටුවක් පෙන්වන්නයි. මේකෙ තියෙන ප්‍රධානතම විශේෂත්වය තමයි මේක පුස්කොළපොතක් විදිහට සකසා තිබීම.
23 min
25 May 2026
ලංකාවේ බුදු දහමේ ව්‍යාප්තිය - 03 කොටස
මහින්දාගමනයෙන් පසුව අපේ රටේ ථේරවාදී බුදු දහම ව්‍යාපත් වුණේ කොහොමද කියන එක සහ එම ගමන් මගේ ප්‍රධානතම සංධිස්ථාන ගැන සාකච්ඡා කරන්න අපි ආරම්භ කරපු වැඩසටහන් මාලාවේ තුන්වන වැඩසටහන තමයි අද අපි ගෙන එන්නේ. ඒ අතරින් අද අපි සංක්ෂිප්තව අවධානය යොමු කරනවා මහා විජයබාහු රාජ්‍ය සමයේ සිට 2 වන පරාක්‍රමබාහු රාජ්‍ය සමය දක්වා අවස්ථා ගැන.
33 min
19 May 2026
ලංකාවේ බුදු දහමේ ව්‍යාප්තිය - 02 කොටස
මහින්දාගමනයෙන් පසුව අපේ රටේ ථේරවාදී බුදු දහම ව්‍යාපත් වුණේ කොහොමද කියන එක සහ එම ගමන් මගේ ප්‍රධානතම සංධිස්ථාන ගැන සාකච්ඡා කරන්න අපි ආරම්භ කරපු වැඩසටහන් මාලාවේ දෙවෙනි වැඩසටහන තමයි අද අපි ගෙන එන්නේ. ඒ අතරින් අද අපි සංක්ෂිප්තව අවධානය යොමු කරනවා දුටුගැමුණු රාජ්‍ය සමයේ සිට කිත්සිරිමෙවන් රාජ්‍ය සමය දක්වා අවස්ථා ගැන
32 min
17 May 2026
ලංකාවේ බුදු දහමේ ව්‍යාප්තිය - 01 කොටස
අපි හිතුවා මහින්දාගමනයෙන් පසුව අපේ රටේ ථේරවාදී බුදු දහම ව්‍යාපත් වුණේ කොහොමද කියන එක සහ එම ගමන් මගේ ප්‍රධානතම සංධිස්ථාන ගැන සාකච්ඡා කරන්න. හැබැයි මේ මාතෘකාව එක වැඩසටහනකින් විතරක් සාකච්ඡා කරන්න බෑ. ඒ නිසා අපි මේ මාතෘකාව කොටස් කිහිපයක වැඩසටහනක් විදිහට කරන්න සැලසුම් කළා. මේ, එම වැඩසටහන් මාලාවේ පළවෙනි වැඩසටහනයි. මේ වැඩසටහනෙන් අපි සාකච්ඡා කරන්නේ මහින්දාගමනය සහ දේවානම්පියතිස්ස රාජ්‍ය සමය ගැනයි.
55 min
03 May 2026
කොස්ගම දෙවියන්ගේ කතාව
අද වැඩසටහනෙන් අපි අරගෙන එන්නෙ අපේ රටේ දේශීය දෙවි කෙනෙක් වුණු කොස්ගම දෙවියන්ගේ කතාවයි. අපේ රටේ බොහෝමයක් අය මියැදුණාට පසුව දේවත්වයෙන් පිදුවත්, කොස්ගම දෙවියන්ගේ කතාවේ තියෙන විශේෂත්වය වෙන්නෙ ජීවත් වෙලා ඉන්නකොටම දේවත්වයෙන් පිදීම ආරම්භවීමයි. හැබැයි ඒක සිනහා යන සුළු ඇරඹුමක්!
19 min
21 April 2026
කුෂ්ඨරාජගල දේව ප්‍රතිමාව
අද පොඩි කතාව, මාතර පාරෙ යන එන බොහෝමයක් දෙනාගේ අවධානයට ලක් නොවන ස්මාරකයක් වන කුෂ්ඨරාජගල පුරාවිද්‍යා භූමිය ගැනයි.
6 min
18 April 2026
බාරස කාව්‍ය නිවැරදිව කියවමු
අද වැඩසටහනෙන් අපි අරගෙන එන්නෙ, පසුගිය වැඩසටහන් කිහිපයකින්ම අපි සාකච්ඡා කරපු බර කව ගබ සක නොහොත් බාරස කාව්‍ය ගර්භ චක්‍රය නිවැරදිව කියවන ආකාරය ගැනයි. මහ නුවර යුගයේ සිටි කරතොට ශ්‍රී ධර්මාරාම නා හිමියන් විසින් රචනා කරන ලද මේ කාව්‍ය සංග්‍රහය, එතෙක් මෙතෙක් අපේ රටේ බිහි වුණු විශිෂ්ඨතම ප්‍රහේලිකා කවියක් විදිහට හඳුන්වන්න පුලුවන්.
30 min
13 April 2026
කෘතිම බුද්ධියෙන් ඉතිහාසයට ගීත හදමු
අද වැඩසටහනෙන් අපි හිතුවා පොඩි වෙනස් දෙයක් කරන්න. අද වෙනකොට අපිට නිතරම පෙනෙන, නිතරම ඇසෙන, නිතරම භාවිතා වෙන දෙයක් තමයි AI තාක්ෂණය. ඉතින් අද වැඩසටහනේ අපේ උත්සාහය තමයි... SUNO AI Music Generator Tool එක ඔස්සේ ඉතිහාසය ගැන ගීත කිහිපයක් නිර්මාණය කිරීම සහ ඒ ගීත ගැන විචාරයක් කිරීම.
55 min